මනුස්සකමට කරන්න ගිය උදව්වෙන් ජීවිතය අහිමි වූ හැටි

දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් සිදු කළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (20) සිදුව ඇත්තේ අඹගස්දෝව ප්‍රදේශයේදියි.

දෙපාර්ශ්වය අතර ගස් කැපීමේ සිදුවීමක් මුල් කරගෙන මෙම ඝාතනය සිදු ව ඇති බව වාර්තා වනවා.

මරණකරු කුලියට ගස් කැපීමේ නිරත වන්නෙකු බවත් හෙතෙම මුදල් අය නොකර එම ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක ගස් කුට්ටි කරදීමට එකඟ වී ඇති බවත්; පහර දුන් පිරිස විසින් මරණකරුගෙන් මුදල් නොගෙන ගස් කැපීමේ හේතු විමසූ අවස්ථාවේ දී මෙම බහින්බස් වීම ඇති ව තිබෙන බවත් පැවසෙනවා.

ඉන් පසුව මුදලට ගස් කපන පිරිසේ තිදෙනෙකු විසින් එක් ව 52 හැවිරිදි ගොඩකුඹුර කන්දේ ඇළ පදිංචි ලාල් කරුණාරත්න නමැත්තෙකුට පිහියෙන් ඇන, මුගුරකින් පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මරණකරු දැඩි අසාධ්‍යය තත්ත්වයෙන් වැලිමඩ රෝහලෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණ ද එහිදී ඔහු මරණයට පත් ව තිබෙනවා.

පොලිසිය විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 23,31 හා 38 යන වියෙහි පසුවන ඌවපරණගම පදිංචිකරුවන්.

සැකකරුවන් වැලිමඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28