මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධ ඝාතකයින් අල්ලයි

බඩල්කුඹුර පොලිස් වසමේ කිරමනාගොඩ ප්‍රදේශයේ දී සහ කිරිඳිවැල පොලිස් වසමේ මීවිටිගම්මන ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි පළමු ඝාතනය සිදු ව ඇත්තේ බඩල්කුඹුර – කිරමනාගොඩ -කරවිල ප්‍රදේශයේදියි.

පෙරේදා මෙම ඝාතනයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක පුද්ගලයෙක්.

සැකකාර තරුණයා 21 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් හෙළි ව තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගැනීමේ දී ඝාතනයට යොදාගත් පිහිය ද පොලිස් භාරයට ගැනුණු බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව පෙරේදා දිනයේ දී එක් දරු මවක් ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි වියෙහි පසුවන මෙම සැකකරු සිය සහෝදරයාගේ බිරිඳව මෙසේ ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ කාන්තාවට වයස අවුරුදු එකහමාරක දියණියක් ද සිටින අතර, ස්වාමියා විදේශගත ව සිටින්නෙක්.

මෙම මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58