spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධ ඝාතකයින් අල්ලයි

බඩල්කුඹුර පොලිස් වසමේ කිරමනාගොඩ ප්‍රදේශයේ දී සහ කිරිඳිවැල පොලිස් වසමේ මීවිටිගම්මන ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි පළමු ඝාතනය සිදු ව ඇත්තේ බඩල්කුඹුර – කිරමනාගොඩ -කරවිල ප්‍රදේශයේදියි.

පෙරේදා මෙම ඝාතනයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක පුද්ගලයෙක්.

සැකකාර තරුණයා 21 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් හෙළි ව තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගැනීමේ දී ඝාතනයට යොදාගත් පිහිය ද පොලිස් භාරයට ගැනුණු බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව පෙරේදා දිනයේ දී එක් දරු මවක් ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි වියෙහි පසුවන මෙම සැකකරු සිය සහෝදරයාගේ බිරිඳව මෙසේ ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ කාන්තාවට වයස අවුරුදු එකහමාරක දියණියක් ද සිටින අතර, ස්වාමියා විදේශගත ව සිටින්නෙක්.

මෙම මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?