මනාලියෝ ලෙසින් අසරණ කෙල්ලෝ කුණු කොල්ලයට විකිණෙන හැටි

මට යන්න බෑ..” පර්වානා දෙපා පොළවේ හප්පමින් හැඬුවාය. එහෙත් එයින් පලක් වූයේ නැත. 

ඇයට යන්නටම සිදු විය. මනාලියක වූ පර්වානා දැන් ඇගේ අම්මාටත් තාත්තාටත් අයිති නැත. ඇය දැන් අයිති ඇගේ සැමියාටය. 

හරියටම කිවහොත්, මනාලියක ලෙස ඇයව මුදල් ගෙවා මිලදී ගත් ඇගේ සැමියාටය. 

ඒ සැමියාගේ වයස අවුරුදු පනස් පහකි. ඒත් පර්වානාට නම් තවමත් වයස අවුරුදු නවයකි.වර්තමාන ඇෆ්ගනිස්ථානයේ බොහෝ ලාබාල දැරියන්ට අත්වන ඉරණම අහිංසක පර්වානාටද අත් වූයේ මීට දින කීපයකට පෙරය.

වර්තමාන ඇෆ්ගනිස්ථානයේ බොහෝ ලාබාල දැරියන්ට අත්වන ඉරණම අහිංසක පර්වානාටද අත් වූයේ මීට දින කීපයකට පෙරය.

දුප්පත්කම පර්වානාගේ පවුලේ අයට අමුතු දෙයක් නොවේ. මතක ඇති කාලයක පටන්ම ඔවුන්ට අගහිඟ කම් වලින් හිඟයක් තිබුණේ නැත. එහෙත් මේ වසර මුලදී රට තලේබාන් පාලනය යටතට පත් වීමත්, රටට ලැබෙන ජාත්‍යන්තර ආධාර නතර වීමත් සමග ඔවුන්ගේ ජීවිත කබලෙන් ලිපටම ඇද වැටිණ.

අන්තිමේදී පර්වානාගේ තාත්තාටත් සිදුවූයේ එරට දුප්පත් දෙමාපියන්ගෙන් බහුතරයක් අසීරුවෙන් වුවත් ගන්නා තීරණයට එළඹෙන්නටය.

පර්වානාගේ තාත්තා ඔහුටත් වඩා වියපත් මහල්ලෙකුට පර්වානාව විවාහ කර දුන්නේ කැමැත්තකින් නම් නොවේ. ඔහුටත් වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. එසේ නොකළා නම් ටික කාලයකට හෝ පවුලේ අනෙක් අයගේ කුසගිනි නිවන්නට තමාට වෙන ක්‍රමයක් නැති වන බව, පර්වානාගේ පියා, අබ්දුල් මලික් සී එන් එන් පුවත් සේවයේ වාර්තාකරු හමුවේ කියා සිටියේ පර්වානාව විවාහ කර දෙන්නට පෙරය.

පර්වානාගේ දොළොස් වියැති අක්කණ්ඩියව මනාලියක කොට විකුණා දැම්මේ මීට මාස දෙක තුනකට පෙරය. ඇයව විකුණා ලබා ගත් මුදල් මේ වන විට ඉවර වී ඇත. ඉතින් ඔහු ඊළඟට විකුණා දැම්මේ, කවදා හෝ දවසක ගුරුවරියක් වෙන්නට බලාපොරොත්තුවෙන් ඉගෙන ගනිමින් උන් බාල දියණිය පර්වානාවය. පර්වානාව විකුණා ලබා ගත් මුදල්ද තව වැඩි කාලයකට සෑහෙන එකක් නැත.

ඇෆ්ගනිස්ථානයේ බාඞ්ගිස් පළාතේ, ක්වාලා ඊ නාව් සීමාවේ ඇති අවතැන් කඳවුරකදී, ඇෆ්ගානිස් 200,000 ක (ඩොලර් 2,200 ක් පමණ) මුදලකට, ක්වෝර්බාන් නැමති වියපත් මිනිසා පර්වානාව මිලදී ගත්තේ ඔක්තෝබර් 24 වෙනිදාය.

”මේ කෙල්ල ඒ ගාණට ලාබයි. එයාගෙ තාත්තා හරි දුප්පත්. එයාට සල්ලි ඕන වෙලා තිබ්බා..” සී එන් එන් මාධ්‍යවේදියා අදහස් විමසූ විට ක්වෝර්බාන් කීවේ එසේය. ”කෙල්ල මගේ ගෙදර වැඩපල කරගෙන ඉඳියි. මං එයාට ගහන්නෙ බනින්නෙ නෑ. මං එයාට මගේ පවුලෙ අනිත් අයට වගේම කරුණාවෙන් සලකනව..”

ළමා විවාහ සංකල්පය ඇෆ්ගනිස්ථානයට අලූත් දෙයක් නොවේ. එය සියවස් ගණනාවක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේ තිබුණු චාරිත්‍රයකි. එහෙත් යුද්ධයත්, කාලගුණ වෙනස් වීමත් නිසා ඇතිවුණු දුගීබව විසින් ඇෆ්ගනිස්ථානයේ බාලවයස්කාර දැරියන්ගේ ඉරණම ඛේදජනක අයුරින් වෙනස් වී ඇත.

නිම්මි මුදිතා හේරත්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40