මන්නාරම් ධීවරයින් විරෝධතාවයක (ඡායාරූප)

උතුරු මුහුදු සීමාව ඉන්දීය ධීවරයින්ට දින 3ක් බදු වශයෙන් රජය ලබාදීමේ සූදානමක් පවතින බැවින් වහාම එය හකුළා ගන්නා ලෙසට සහ ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම නතර කරන ලෙසට ඉල්ලමින් මන්නාරමේ ධීවරයින්, වෙළඳ සංගම් සහ ආගමික නායකයින් එක්ව දැවන්ත විරෝධතා පෙළපාලියක් සංවිධානය කර තිබුණා.

මන්නාරම මහජන ක්‍රීඩාංගනය අසලට රැස් වූ විරෝධතාකරුවන් පෙලපාලියකින් මන්නාරම බසාර් වීදිය හරහා බස්නැවතුම්පල ඉදිරියට පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

විරෝධතාවයට මන්නාරමේ සියලුම ධීවර සංගම් නියෝජිතයින් මෙන්ම, විරෝධතාවය පැවති අවස්ථාවේ මන්නාරම් නගරයේ පිහිටි සියලු වෙළඳසැල් වසා වෙළඳ සංගම් නියෝජිතයින් ද සහභාගී වූ අතර මන්නාරම් රදගුරු නිවාසයේ සහය පළ කරමින් පියතුමන්ලා රැසක් ද එක්ව සිටියා.

විරෝධතාවයේ නිරත වූවන් ප්‍රකාශ කළේ, පසුගියදා අමාත්‍යංශයක් මගින් ඉන්දීය බලධාරීන් සමග උතුරු මුහුදු තීරය දින 3කට බදු දීමේ සූදානමක් පිළිබඳ සිදු කළ සාකච්ඡාවක් ගැන තොරතුරු ලැබී ඇති බැවින් එම තීරණය වහාම හකුලාගෙන උතුරු මහුදු තීරයට එන ඉන්දීය ධීවරයින් වහාම නවතා දෙන ලෙසටයි.

මේ වන විටත් උතුරු මුහුදු තීරයට ඉන්දීය ධීවරයින් දහස් ගණනක් පැමිණෙන අතර ඉන් ධීවරයින් 10ක් 20ක් පමණ කලාතුරකින් නාවික හමුදාව අත්අඩංගුවට ගන්නා බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.

උතුරේ ධීවරයින්ගේ ජීවනෝපාය කඩා වැටීම, ආර්ථිකය කඩාවැටීම ඇතුළු කිසිදු ගැටලුවකට විසඳුමක් නොමැති අවස්ථාවක ඉන්දිය ධීවරයින්ට දින 3ක් උතුරු මුහුද ලබා දෙන්නේ නම් උතුරේ ධීවර කර්මාන්තය සම්පූරණයෙන්ම නතර වන අතර ඉන්දීය ධීවර ගැටලුවට කඩිනමින් විධිමත් විසඳුමක් ලබාදීමට රජය පියවර ගත යුතු බව විරෝධතාවට එක්ව සිටි පිරිස ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26