මන්ත්‍රීවරිය පාපැදියෙන් පාර්ලිමේන්තු යද්දි දරුවෙකු බිහිකරයි

පාර්ලිමේන්තුවට යද්දීත්, රාජකාරී සඳහා යද්දීත් නිරන්තරයෙන් පා පැදිය භාවිතයට ගන්නා නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලී ඈන් ජෙන්ටර්, දරු ප්‍රසූතිය සඳහා ද පා පැදියෙන් රෝහල් ගත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘මම දරු ප්‍රසූතියට පා පැදියෙන් රෝහලට යන්න සැලැසුම් කර තිබුණේ නැහැ.

ඒත් රෝහලට යෑමට සිදුවුණු වෙලාවේ මට ලොකු අමාරුවක් තිබුණේ නැහැ.

ඒ නිසයි පා පැදියෙන්ම රෝහලට ගියේ’ යැයි දරු ප්‍රසූතියෙන් පසු ජුලී ඈන් ජෙන්ටර් ඇගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ පවසා තිබේ.

ජුලී ඈන් රෝහලට ගොස් ඇත්තේ ඇගේ සැමියාගේ ද සහාය ඇතිවය.

දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ ඇය රෝහල්ගත වී පැයක් යද්දී යැයි මාධ්‍ය වාර්තා පැහැදිලි කර තිබේ.

පරිසරයට ආදරය කරමු, පා පැදියෙන් රැකියාවට යමු යන සංකල්ප නවසීලන්ත වැසියන් අතරේ ජනප්‍රිය කරලීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන පරිසර ක්‍රියාකාරිනියක ලෙස ද ජුලී ඈන් ජෙන්ටර් ප්‍රසිද්ධියට පත් වී සිටී.

ඇය ඇමෙරිකාවේ උපත ලැබූ තැනැත්තියකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?