මන්ත්‍රීවරිය පාපැදියෙන් පාර්ලිමේන්තු යද්දි දරුවෙකු බිහිකරයි

පාර්ලිමේන්තුවට යද්දීත්, රාජකාරී සඳහා යද්දීත් නිරන්තරයෙන් පා පැදිය භාවිතයට ගන්නා නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලී ඈන් ජෙන්ටර්, දරු ප්‍රසූතිය සඳහා ද පා පැදියෙන් රෝහල් ගත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘මම දරු ප්‍රසූතියට පා පැදියෙන් රෝහලට යන්න සැලැසුම් කර තිබුණේ නැහැ.

ඒත් රෝහලට යෑමට සිදුවුණු වෙලාවේ මට ලොකු අමාරුවක් තිබුණේ නැහැ.

ඒ නිසයි පා පැදියෙන්ම රෝහලට ගියේ’ යැයි දරු ප්‍රසූතියෙන් පසු ජුලී ඈන් ජෙන්ටර් ඇගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ පවසා තිබේ.

ජුලී ඈන් රෝහලට ගොස් ඇත්තේ ඇගේ සැමියාගේ ද සහාය ඇතිවය.

දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ ඇය රෝහල්ගත වී පැයක් යද්දී යැයි මාධ්‍ය වාර්තා පැහැදිලි කර තිබේ.

පරිසරයට ආදරය කරමු, පා පැදියෙන් රැකියාවට යමු යන සංකල්ප නවසීලන්ත වැසියන් අතරේ ජනප්‍රිය කරලීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන පරිසර ක්‍රියාකාරිනියක ලෙස ද ජුලී ඈන් ජෙන්ටර් ප්‍රසිද්ධියට පත් වී සිටී.

ඇය ඇමෙරිකාවේ උපත ලැබූ තැනැත්තියකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14