ඩුබායි වැසියන්ගේ ජංගම දුරකථනයට අනතුරු ඇඟවීමේ පණිවුඩයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඩුබායි පුරා හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මිසයිල තර්ජනයක් පිළිබඳ අනතුරු ඇඟවීම් ලැබීමෙන් පසු වහාම නවාතැන්වලට වී රැඳී සිටින ලෙසයි පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටිනේ.

ඩුබායි හි ප්‍රදේශ කිහිපයක ජංගම දුරකථන වෙත යවන ලද පණිවිඩයක, අමාත්‍යාංශය මහජනතාවට වහාම ළඟම ඇති ආරක්ෂිත ගොඩනැගිල්ලට යන ලෙසත්, නැවත දැනුම් දෙන තුරු ජනෙල්, දොරවල් සහ විවෘත ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙසත් උපදෙස් දී තිබෙනවා..

“වර්තමාන තත්ත්වය සහ විභව මිසයිල තර්ජනයක් සැලකිල්ලට ගෙන, කරුණාකර වහාම ජනෙල්, දොරවල් සහ විවෘත ස්ථාන වලින් ඈත්ව ආරක්ෂිත ගොඩනැගිල්ලක නවාතැන් ගෙන නිල උපදෙස් සඳහා රැඳී සිටින්න,” යනුවෙන් අනතුරු ඇඟවීමේ පණිවුඩයේ සඳහන්.

බලධාරීන් අවධාරණය කළේ අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබන්නේ හුදෙක් ආරක්ෂක පියවරක් ලෙස බවත් වහාම ඊට අනුකූල වීම අවශ්‍ය බවයි.

  1. This is not the first message received today. They are now sending warning alerts if something happens, and once it is over, they send another message saying: “Thank you for your cooperation. We are reassured that you are safe. You can resume your normal activities.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11