මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ සිද්ධියට පැටලුනු කොස්තාපල්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහහනම ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයා අද (26) දින මානව හිමිකම් කොමිෂන් සභාවේ රත්නපුර උප කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ මෙම පොලිස් කොස්තාපල්වරයා සිය බිරිඳ සහ දරුවා සමඟ එම කාර්යාලයට පැමිණ පැමිණිලි කළේ තමන්ට සාධාරණයක් ඉටුකර දෙන බව පවසමින්.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රත්නපුර දිසාව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර වෙත ගොස් තමන්ට අසාධාරණයක් වූ බවත්, තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් පවසමින් ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර තමන් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර හමුවීමට ගිය අවස්ථාවේ ඇය තමන් මඟහැර වෙනත් නිලධාරියෙකු ඒ සඳහා එවූ බවත් වැඩතහනමක ලක්ව සිටින අදාළ පොලිස් කොස්තාපල්වරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
17
+1
1
+1
4
+1
2
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?