මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට අලුත් තනතුරක්

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පත්වී තිබෙනවා.

ඊයේ (06) එම සංසදය පළමුවරට රැස්වූ අවස්ථාවේදී යි චරිත හේරත් සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කර ගැනීම සිදු වූයේ.

නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ සහ අජිත් මාන්නප්පෙරුම තෝරා පත්කර ගැනුණා.

කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය ප්‍රථමයෙන්ම සාකච්ජාවක් සඳහා කැඳවීමටයි. එමගින් වර්තමානයේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව තොරතුරු හා දත්ත මෙන්ම එම කාර්යාලය ගෙනයන වැඩ පිළිවෙල සම්බන්දයෙන් කමිටුවට අවබෝධයක් ලබගත හැකි බව සභාපතිවරයා සඳහන් කළා.

අධ්‍යාපනය, ප්‍රවාහනය, නීති හා සෞඛ්‍ය යන අංශ තුල ආබාධ සහිත තැනැත්තන්ට බහුලව ගැටලු පවතින බව වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට ද තීරණය කෙරුණා.

මෙරට සිදුකර ඇති අවසන් ජන සංගණනය 2012 වසරේ සිදුකර ඇති බැවින් වර්තමානයේ කොපමණ ආබාධ සහිත තැනැත්තන් සිටිනවාද යන්න පිළිබඳ යාවත්කාලීන දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය ද සභාපතිවරයා සිහිපත් කළා.

පක්ෂ භේදයෙන් තොරව ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට සියලුම දෙනා කටයුතු කළ යුතු බවයි සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

මෙරට සිටින ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ගැන විපක්ෂ නායකවරයා කමිටුව හමුවේ කරුණු ඉරිපත් කළා. ඒ අනුව අදාළ දත්ත ලබාගැනීම ග්‍රාම නිලධාරීන් මගින් ආරම්භ කළ හැකි බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පාව නොව අයිතීන් ලබාදීම අරමුණු කරගෙන කටයුතු කළ යුතු බවට මෙහිදී අදහස් දක්වමින් කමිටු සාමාජික මන්ත්‍රීවරයන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?