මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් (ඡායාරූප)

නීති විරෝධී ලෙස රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් රැගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහි යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද කථානායකවරයාට භාරදී තිබෙනවා.

අදාළ යෝජනාව කතානායකවරයා වෙත භාරදෙනු ලැබුවේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, ජේ.සී. අලවතුවල ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් විසින්.

දයාසිරි ජයසේකර, හර්ෂණ රාජකරුණා, උදය ගම්මන්පිල, වසන්ත යාපා බණ්ඩාර, වීරසුමන වීරසිංහ, අශෝක් අබේසිංහ, ඉමිතියාස් බාකීර් මාකර්, තුෂාර ඉඳුනිල්, උපුල් ගලප්පත්ති ඇතුලු පිරිසක් මෙම යෝජනාවට අත්සන් කර තිබෙනවා.

අදාළ යෝජනාවේ දැක්වෙන්නේ මන්ත්‍රීවරයා සිදු කළ ක්‍රියාව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කර ඇති බවයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද අව භාවිතා කරමින් සිදු කරනු ලැබු මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු අතර ඒ සඳහා පූර්වාදර්ශයන් වුව ද අනුගමනය කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එබැවින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් මෙවැනි නීති විරෝධී ක්‍රියා තවදුරටත් සිදු නොකිරීමට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බවටයි මන්ත්‍රීවරුන් පිරිස යෝජනා කර ඇත්තේ.

12
13
1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13