මන්ත්‍රීවරුන් රැසක් අධ්‍යාපන සුදුසුකම් සඟවයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සීයයට 20ක් පමණ පිරිසක් සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබාදීම මග හැර ඇතැයි වාර්තා වනවා.


මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට නැවත වරක් සිහිකැඳවීමක් සිදුකිරීමට කටයුතු කරගෙන යන බවයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් පුවත්පතක් වාර්තා කර තිබුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් යම් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යා යුතු හෙයින් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව තොරතුරු ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් ඉල්ලීමක් කර ඇත්තේ මිට කාලයකට පෙර සිටයි.

එහෙත් කොටසක් එම ඉල්ලීමට තවමත් සාර්ථක ප්‍රතිචාර දක්වා නැති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ.

මේ අතර සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ පුද්ගලයන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් වැඩි වශයෙන් ඉල්ලන තොරතුරු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශේෂිතය.

එහෙත් මන්ත්‍රීවරුන් කොටසක් අධ්‍යාපන සුදුසුකම් එලෙස ලබා නොදීම නිසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම තොරතුරු ලබාදීම කළ නොහැකිවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීන් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?