බටහිර යුක්රේනයේ ග්‍රාමීය සභා මන්ත්‍රීවරයෙකු සභා රැස්වීමක් පැවැත්වූ ශාලාවකට අත්බෝම්බයක් දැමීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
බටහිර Zakarpattia කලාපයේ කෙරෙට්ස්කි හි ගම් සභා මූලස්ථානයේදී සිකුරාදා උදෑසන මෙම ප්‍රහාරය සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
6 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති මෙම ප්‍රහාරයට හේතුව කුමක් දැයි පොලිසිය මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
සිද්ධිය වන විට එම හමුව ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය වෙමින් තිබූ බව සඳහන්.
විනාඩි 90ක් පමණ උණුසුම් සාකච්ඡාවක් පැවති අතරතුර පුද්ගලයෙකු කාමරයට ඇතුළු වන ආකාරය දර්ශනවල දැක්වෙන අතර ඔහු තත්පර 30ක් පමණ දොරක් අසල සිටගෙන කාමරය මැදට අත්බෝම්බ තුනක් විසි කර තිබෙනවා.
මේ හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් හය දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි යේමන පොලිස් ප්‍රකාශයකු සඳහන් කළේ.
රුසියාව සමඟ පැවති යුද්ධය හේතුවෙන් යුක්රේනියානුවන් බොහෝ දෙනෙකුට ආයුධ ළඟ තබා ගැනීම සඳහා අවසර තිබුණ ද මෙම ප්‍රහාරය එම ගැටුමට සම්බන්ධ බවට තවමත් සාක්ෂි ලැබී නැහැ.
කෙරෙට්ස්කි යනු හංගේරියානු, අර්ධ-යුක්රේන ගම්මානයක් වන අතර හංගේරියානු දේශසීමාවෙන් නුදුරින් පිහිටි ප්‍රදේශයක්.




