දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයකු විසින් තම පුත්‍රයාට පහරදී දින පහක් රෝහල් ගත කර සිටි නමුත් පල්ලෙවෙල පොලිසිය විසින් පහර දුන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ නැති බවට මව චෝදනා කර සිටියි.
පසුගිය 11 වන දා පාසල නිමවී නිවස බලා පැමිණෙමින් සිටි මෙම සිසුවාට පහරදී ඇති බවයි මව පවසන්නේ.
අප පල්ලෙවෙල පොලිසියෙන් කළ විමසීමකදී පවසා සිටියේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.
පහර කෑමට ලක් වූ පාසල් සිසුවා 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16 වුු මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.
එම සිසුවා පාසල නිමවී පසුගිය එකොළොස්වනදා නිවස බලා පැමිණෙමින් සිටියදී බාඳුරාගොඩ නගරය තුළදී මෙම පහරදීම සිදුකර ඇති බවට මව විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
අදාල සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිණියකට ඉන්ධන පිරවුම් හලකදී පහර දීමක් සම්බන්ධවද පල්ලෙවෙල පොලිසිය විසින් එවකට අත්අඩංගුවට ගැනුණා.














