මනමාල වංගුවේ දී බසයක් හා ලොරියක් ගැටී හමුදා සෙබළුන් 22 දෙදෙනකු රෝහල්ගත කෙරේ

අද (21) උදෑසන කාලයේ කිරිඳිවැල පොලිස් වසමේ නිට්ටඹුව – කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් 22 දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ නිට්ටඹුව දෙස සිට කිරිඳිවැල දෙසට ධාවනය වූ යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

අනතුරින් බස් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් විසිදෙදෙනකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කෙරුණා.

ඉන් සෙබළුන් විසිදෙනෙකු ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති බවත් රියදුරු හා යුද හමුදා සෙබළෙකු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සඳහන්.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?