මධුර විතානගේට අයත් බස් රථයක හුටපටයක් ගැන නියෝගයක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණයට තරග කරන නීතිඥ මධුර විතානගේ මහතාට අයත් කුඩා බස් රථයක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගත්තේ යැයි චෝදනා කරමින් එල්ල වූ නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට දන්වමින් එම බස් රථය සහ රියදුරුව වහාම මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (01) නියෝග කළා.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නේ යම් කිසි අපේක්ෂකයෙකු සිය පෞද්ගලික වාහනයක් ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මැතිවරණ නීතිරීති, උපමාන හෝ පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝණය කිරීමක් නොවන බවටයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය සේවාදායකයා මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන බවත් දෙවැනි වරටත් ඔහුගේ රියදුරු ලෙස කටයුතු කරන පුද්ගලයාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත්තේ දේශපාලනික පළිගැනීමක් ලෙස බවත් මධුර විතානගේ මහතාගේ රියදුරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් සේනානායක මහතා අධිකරණය හමුවේ දී පෙන්වා දුන්නේ.

ඒ අනුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?