AFC Banner
Empty Ad

මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අතිකාල සේවාවලින් ඉවත්වීමට සූදානමක්

අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ අත්තනෝමතික ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.

ඊයේ (28) රැස් වූ කැබිනට් මණ්ඩලය්දී දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට  අනුමැතිය හිමිවුණි.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කරන දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා,

“අද මධ්‍යම රාත්‍රීයේ සිට අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමක් විදියට අතිකාල මත සේවය කිරීම්වලින් ඉවත්වෙන්න තීරණය කරලා තියෙනවා. පහුගිය දින කිහිපය පුරාම අපි දැක්කා අත්තනෝමතික ලෙස දුම්රිය ගාස්තු වැඩිකිරීමේ උත්සහයක් තියෙනවා.

අපි අතිකාල සේවයෙන් සම්පූර්ණයෙන් ඉවත් වනවා. එතකොට වෙන්නේ උදේට කෝච්චි දුවනවා. හවසට කෝච්චි නැතිවෙනවා. මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න කියලා අපි මගීන්ට කියනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?