මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අතිකාල සේවාවලින් ඉවත්වීමට සූදානමක්

අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ අත්තනෝමතික ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.

ඊයේ (28) රැස් වූ කැබිනට් මණ්ඩලය්දී දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට  අනුමැතිය හිමිවුණි.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කරන දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා,

“අද මධ්‍යම රාත්‍රීයේ සිට අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමක් විදියට අතිකාල මත සේවය කිරීම්වලින් ඉවත්වෙන්න තීරණය කරලා තියෙනවා. පහුගිය දින කිහිපය පුරාම අපි දැක්කා අත්තනෝමතික ලෙස දුම්රිය ගාස්තු වැඩිකිරීමේ උත්සහයක් තියෙනවා.

අපි අතිකාල සේවයෙන් සම්පූර්ණයෙන් ඉවත් වනවා. එතකොට වෙන්නේ උදේට කෝච්චි දුවනවා. හවසට කෝච්චි නැතිවෙනවා. මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න කියලා අපි මගීන්ට කියනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24