මධ්‍යම පරිසර අධිකාරී හිටපු අධ්‍යක්ෂකගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි

අල්ලස් කොමිසම විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතින් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරී හිටපු අධ්‍යක්ෂ සුපුන් සශින්ද්‍ර පතිරගේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින තීන්දු කළා.

මෙම පෙත්සම අද (20) දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයි රාජා සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදු කෙරුණා.

එම අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු අධිකරණය හමුවේ සාවද්‍ය කරුණු ඉදිරිපත් කරන බවට චෝදනා කර සිටියා.

පැයකට ආසන්න කාලයක් පෙත්සම සලකා බැලූ අතර අවසානයේ දී අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහෙත් එම ඉල්ලීමට අවසර නොදුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම තුළ පැහැදිලි නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව තීන්දු කළා.

පෙත්සම්කාර මධ්‍යම පරිසර අධිකාරී හිටපු සභාපතිවරයා කියා සිටින්නේ දැවි තෙල් කර්මාන්තයක් පවත්වාගෙන යන කර්මාන්ත ශාලාවකට අදාල පාරිසරික ඇගයීම් බලපත්‍රයේ නිකුත් කිරීම සඳහා රුපියල් මිලියන 10 ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් නොවැම්බර් මස 19 වනදා තමන්ව අත්අඩංගුවට ගත් බවයි.

මෙම අපරාධය හා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ තුළින් අල්ලස් කොමිසම සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13