මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මෙම අනතුර සිදු ව ඇත්තේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ 76.5 වන කිලෝමීටර් කණුව අසල දීයි.
කුරුණෑගල දෙසට යතුරුපැදි රැගෙන යමින් තිබූ ලොරි රථයක පිටුපස සුඛෝපභෝගී බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර අද (02) අලුයම් කාලයේ දී සිදු වුණා.
අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් කරමින් සිටි 52 හැවිරිදි බේරුවල – ලියනගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
බේරුවල සිට කාත්තන්කුඩි දක්වා චාරිකාවක් යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 23ක් පැමිණ ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.





