මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ යළි ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ ආරම්භ වුණා.
ඒ, කඩවත අන්තර් හුවමාරු පරිශ්‍රයේදීයි.
2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වනවිට විවෘත කර ඇතත් පළමු අදියරේ ඉදිකිරීම් විවිධ හේතු මත ප්‍රමාද වී පැවතියා.
මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි.
කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





