පාසල් ළමුන් හා තරුණයන් ඉලක්ක කර ගනිමින් විකිණිම සඳහා ගංජා මිශ්‍රිත මදන මෝදක සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි නුවරඑළිය දිව්‍යා ඔසුහල, හාවාඑළිය යන ප්‍රදේශයේ දී අදාළ වැටලීම සිදුකර තිබුණා.
එහි දී පාසල් ළමුන් හා ප්‍රදේශයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් විකිණිම සඳහා ගංජා මිශ්‍රිත මදන මෝදක සන්තකයේ තබාගෙන සිටි කදපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 30 ක් වන පුද්ගලයකු ගංජා මිශ්‍ර මදන මෝදක 625 ක් සමග අත්අඩංගුවට ගැනීමටයි සමත්ව ඇත්තේ.
මේ පිළිබද වැඩිදුර විමර්ශණ කටයුතු නුවරඑළිය පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබනවා.