මත්පැන් සහ සිගරට් මිල ඉහළට ?

ඉදිරි දින කිහිපයේදී මත්පැන් සහ සිගරට් මිල ගණන් ඉහළ යනු ඇති බව වාර්තා වනවා. ඒ, තෝරාගත් භාණ්ඩ හා සේවාවන් ගණනාවක් වෙනුවෙන් විශේෂ වෙළෙඳ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට රජය තීරණය කරනු ලැබීමත් සමගයි.

එයට අදාළව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවටද අනුමැතිය ලැබුවා.

මෙම නව බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම භාණ්ඩ හා සේවාවන් වෙනුවෙන් දැනට පනවා තිබෙන (වැට්) බද්ද ඉවත් කෙරේ. නව බද්ද අයකළ පසු එය නැවත පියවීමේ ක්‍රමයද ඒ සමඟ අහෝසි වෙයි.

මත්පැන්, සිගරට්, සූදු ක්‍රීඩා, කැසිනෝ ආදී භාණ්ඩ හා සේවා රැසක් වෙනුවෙන් මෙම බද්ද ක්‍රියාත්මක කෙරේ. ඒවා සඳහා පැනවෙන බදු ප්‍රතිශත රජය මෙතෙක් තීරණය කර නොමැත. අදාළ නීති කෙටුම්පත මැතිසබයේදී පනතක් ලෙස කඩිනමින් සම්මත කරගෙන නව බද්ද ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
108
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08