ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා.
පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ මෙම අධිබලැති උඳුන සදා නිමකර ඇති බවයි වාර්තා වුණේ.
ලැක්ටෝස් වත්ත ඉඩමේ පර්චස් 20ක භූමියක් ආවරණයවන පරිදි මෙම් මත්ද්‍රව්‍ය විනාශ කරන උඳුන ස්ථාපිත කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 11කට අධික මුදලක් වැයකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම උඳුනේ පළමු මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම හෙට (18) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.
පසුගිය කාල සීමාවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවු අතර, මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ස්ථීර ස්ථානයක් නොමැති වීමෙන් අපහසුතා රැසක් පැන නැඟුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.




