මත්ද්‍රව්‍ය විනාශ කරන අධිබලැති උඳුනක් වනාතවිල්ලුවේ

ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා.

පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ මෙම අධිබලැති උඳුන සදා නිමකර ඇති බවයි වාර්තා වුණේ.

ලැක්ටෝස් වත්ත ඉඩමේ පර්චස් 20ක භූමියක් ආවරණයවන පරිදි මෙම් මත්ද්‍රව්‍ය විනාශ කරන උඳුන ස්ථාපිත කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 11කට අධික මුදලක් වැයකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම උඳුනේ පළමු මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම හෙට (18) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

පසුගිය කාල සීමාවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවු අතර, මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ස්ථීර ස්ථානයක් නොමැති වීමෙන් අපහසුතා රැසක් පැන නැඟුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
11
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09