බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම් පොළවල්වල වේල්ල වීදිය පොලිසිය විසින් අද දිනයේ විශේෂ මෙහෙයුමක් දියත් කලා.
ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින කොන්දොස්තරවරුන් සහ රියදුරන්ට මත්ද්‍රව්‍යය අලෙවි කරන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහායි.
මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මතයි වේල්ලවීදිය පොලිසිය බැස්ටියන් මාවත සහ ගුණසිංහ පුර බස් නැවතුම් පොළවල මෙම විශේෂ මෙහෙයුම දියත් කලේ.
එහිදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින කොන්දොස්තරවරුන්ට සහ රියදුරන්ට හෙරොයින්, අයිස්, බම්පින් ඇතුලු මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකු වේල්ල වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලීසිය භාරයට ගත් ඔහුගේ ජංගම දුරකථනයට ගැනුම්කරුවන් විශාල පිරිසක් ඇමතුම් ලබාදුන් බව වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසුවා.
එම ජංගම දුරකථනයට පැමිණෙන දුරකථන ඇමතුම් අනුව ගැනුම්කරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමටයි වේල්ල වීදිය පොලිසිය කටයුතු කළේ.
ඒ අනුව සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ගුණසිංහපුර බස් නැවතුම්පොළට මත්ද්‍රව්‍ය අලෙවිකරුද රැගෙන ගොස් එම අලෙවිකරු මාර්ගයෙන් රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගත්තා.
.(අත්අඩංගුවට ගන්නා දර්ශන පටිගත කර ඇත)
පොලිසිය පවසන්නේ මෙම ජාවාරම බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර ගනිමින් සිදු කරන බවයි..
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින රියදුරුන් හා කොන්දොස්තරවරුන් ඒ සඳහා දිනකට රුපියල් 1200 සිට රුපියල් 2400 දක්වා මුදලක් වැය කරන බවටත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.
මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි වේල්ල වීදිය පොලිසිය පැවසුවේ.














