මත්ද්‍රව්‍ය පාවිච්චි කර රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවයි

අයිස් මත් ද්‍රව්‍ය පාවිච්චි කර රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවීමට පුත්තලම කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ පල්ලම පොලිසීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

ඉකුත් ජූනි මස 17 වැනිදා රාත්‍රී 12.00 ට පමණ රාජකාරියේ නිරත වෙමින් සිටි එම පොලිස් නිලධාරියාගේ අසාමාන්‍ය හැසිරීම නිසා ඔහුව කැදවා පරීක්ෂා කිරීමට පල්ලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇත.එම නිලධාරියා කිසියම් මත් ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට සැකකර ඇති පල්ලම පොලීසියේ නිලධාරීන් ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව ලැබෙන තුර එම නිලධාරියාව තාවකාලිකව මුන්දලම පොලීසියට ස්ථානමාරු කරන්නටද පුත්තලම කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර ඇත. තමා විසින් පරීක්ෂා කරන ලද පොලිස් නිලධාරියාගේ රුධිරයේ මෙත්ඇම්පිටමයින් හෙවෙත් අයිස් මත් ද්‍රව්‍ය අඩංගු වී තිබෙන බව ඉකුත් 24 වැනිදා පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.

එම වාර්තාව අධ්‍යයනය කර ඇති පුත්තලම කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මත් ද්‍රව්‍ය භාවිතා කර රාජකාරියේ නිරත වීමේ චෝදනාව යටතේ අදාල පොලිස් කොස්තාපල්වරයාගේ සේවය ඉකුත් 26 වැනිදා සිට අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?