මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තරුණ යුවළක් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සැමියාගේ මිතුරා සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් හෙරොයින් ජාවාරමේ යෙදුණු තරුණ කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය යි අද (16) සවස මෙම නියෝගය ලබාදුන්නේ.

හෙරොයින් මිලිග්‍රෑම් 4550ක් සමග කටුනායක පොලිසිය මගින් මෙම සැකකාරිය සහ සැකකරු කටුනායක, කෝවින්න ප්‍රදේශයේ නවාතැන් පොලක දී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකාරිය සීදූව ජයවර්ධනපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරු ආඬිඅම්බලම සරණතිස්ස මාවතේ පදිංචිකරුවෙක්.

ඔවුන් දෙදෙනා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇතැයි ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන තරුණ යුවළක් පදිංචිව සිටින අතර එම කාමරයට තරුණ පිරිස් නිතර නිතර යන එන බවට කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබුණා.

ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් යොදවා කළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ සැකකාර යුවළ කුඩා පැකට් ලෙස සකසා හෙරොයින් කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන සේවක සේවිකාවන්ට අලෙවි කරන බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21