මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ලක්ෂ 200ක අධික වටිනා වාහන අත්අඩංගුවට

දිඹුලාගල සිරිපුර නුවරගල ප්‍රදේශයේ, ප්‍රධාන පෙළේ ගංජා ජාවාරම්කරුවකු සතුව තිබූ රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා වාහන කීපයක් අද (20)දින පස්වරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළා.

මුදල් විශුද්ධිකරන වැළැක්වීමේ පනත යටතේ දේපොළ ක්‍රියා විරහිත කිරීමේ නියමය අනුව මෙම දේපල මෙලෙස අත්අඩංගුවට ගත් බවයි එම කාර්යාංශය ප්‍රකාශ කළේ.

සැකකරුව සතුව තිබු කුඩා ජේ.සී.බී, යන්ත්‍රයක්, මහා ට්‍රැක්ටරයක් ,ලොරියක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදි කීපයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2011 අංක 40 දරණ පනතේ සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 7 [1] වගන්තිය ප්‍රකාරව දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියමය අනුව මෙම වාහන තොගය අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා.

අදාළ සැකකරු දීර්ඝ කාලයක සිට ගංජා සහ මත්පැන් අලෙවි කර ඇති අතර ඔහුට විරුද්ධව අධිකරණයේ අපරාධ නඩු කිහිපයක් තිබෙන බවත්, ඔහු මෑතක ගංජා කිලෝ පහක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයේ නඩු පැවරූ 43 හැවිරිදි නුවරගල, සිරිපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු වනවා.

සැකකාර පුද්ගලයා ගංජා, කසිප්පු ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ප්‍රදේශයේ තොග සහ සිල්ලර වශයෙන් බෙදාහැර තිබෙන අතර ඉන් උපයාගත් මුදල්වලින් මෙම වාහන රැගෙන ඇති බවට පරීක්ෂණවලින් තහවුරු ඇති බවත් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු වැටලීම මෙය බවත්, අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමකින් යුත් වාහන තොගය මෙය වන බවද කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සදහන් කළා.

අත්අඩංගුවට ගත් රථ වාහන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (21)දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21