සියලුම රාජ්‍ය ආයතනවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට සැරසෙයි – චක්‍රලේඛය හෙට (වීඩියෝ)

රජයේ සියලුම ආයතනවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා හෙට (17) දිනයේ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාතික සභාව සඳහා වූ විශේෂ කාර්යාලයක් ලබන 22 වනදා කොළඹ 07 ටොරින්ටන් හිදී විවෘත කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.

එම කාර්යාලයේ 1818 දුරකථන අංකය ඔස්සේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කර හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර අලුතින් මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන දහයක් ස්ථාපිත කිරීම සඳහා ස්ථාන හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වන තරුණ තරුණියන් සඳහා රැකියා පන්දහසක් කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය හරහා ලබාදීමට ද වැඩපිළිවෙලක් සකසා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ කළුතර දිස්ත්‍රික් මෙහෙයුම් සභා රැස්වීමට අද එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?