අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරකට අනුව එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එප්පාවල – ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමග එප්පාවල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් එම ප්‍රදේශයම පදිංචි අවුරුදු 54 හා 22 වයසේ පසුවන පුද්ගලයන් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ පළාත් පාලන ආයතනයක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් විසින් දීර්ඝ කාලයක් පුරා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු මත්ද්‍රව්‍ය හෙට (06) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.















