AFC Banner
AFC Banner
Empty Ad

මඩොල්කැලේ ප්‍රදේශයේ දී බස් රථ අනතුරක්

උනනගල සිට මඩොල්කැලේ හරහා පන්විල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් ඊයේ (20) අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ පන්විල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මෙම අනතුරින් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 28 දෙනාගෙන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තුවාල ලැබූ කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු මඩොල්කැලේ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය සඳහන් කළේ.

බස් රථයේ තිරිංග අක්‍රීයවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?