මඩොල්කැලේ ප්‍රදේශයේ දී බස් රථ අනතුරක්

උනනගල සිට මඩොල්කැලේ හරහා පන්විල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් ඊයේ (20) අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ පන්විල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මෙම අනතුරින් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 28 දෙනාගෙන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තුවාල ලැබූ කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු මඩොල්කැලේ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය සඳහන් කළේ.

බස් රථයේ තිරිංග අක්‍රීයවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46