AFC Banner
Empty Ad
Empty Ad

මට යන්න හොදම රටක් කියන්න.

ශ්‍රී ලංකාවේ තියෙන ආර්ථික සහ සමාජීය වටපිටාවත් එක්ක බොහෝ දෙනා අහන හොයන දෙයක් තමයි මට යන්න හොදම රටක් කියන්න.මට දැන් මෙහෙ ඉන්න බැහැ කියන කාරනාව.
කවුරු හරි හිතනවා නම් මම මිය යන්නතුරු මේ රටේම ඉන්නවා කියලා කිසිම ගැටළුවක් නැහැ.ඔබට ඔබේ තීරණයේ ඉන්න පුලුවන්.ලංකාව කියන්නේ ඉතාම සුන්දර නිදහස් රටක්….
නමුත් ඇතැම් කෙනෙක් මේ රටෙන් සක්‍රමනය වෙන්නේ සල්ලි නිසාම නෙමෙයි.නීතිය සෞඛ්‍ය වගේම ජීවන තත්වය උස්ස කර ගැනීමේ අරමුණින්.ඉතින් මෙතනින් එහා කතාව අදාල වෙන්නේ අන්න ඒ කණ්ඩායමට.

මේ ලිපිය තරමක් දිගු වේවී.නමුත් ඒ වෙලාව ඔබට ගොඩක් ප්‍රතිඵලදායක වේවී.

ඒ කථාව මෙහෙම පටන් ගන්නම්, දැනට රටවල් ගණනාවක වීසා කරලා ගිහිල්ලා දැකලා කරක් ගහලා එහෙ ඉන්න අපේ උන් එක්ක පුලුවන් විදිහට තැලිලා තෙම්පරාදු වෙලා කැරකිච්ච එකෙක් විදිහට,

මැද පෙරදිග – හම්බ කරන්න විනෝද වෙන්න විතරක් නෙමෙයි හැම සතයක්ම ඉතිරි කරලා ඔයාගේ හීන වලට යන්න පුලුවන් හොදම තැනක්.ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු මැදපෙරදිග කිව්වම දකින්නේ වැලියි ඔටුවොයි.මොකද ඒ මිනිස්සු මැදපෙරදිග ගැන කතා අහන්නේ ගෘහ සේවයට ගිහින් එන අයගෙන්.මම පහත් කරන්නේ නෑ කාවවත්.නමුත් පුලුවන් නම් මැදපෙරදිග ඉන්න ඉංජිනේරුවෙක්ගෙන් , කාර්මික ශිල්පියෙක්ගෙන් , ක්‍රමලේඛන ශිල්පියෙක්ගෙන් අහලා බලන්න කොහොම ජීවිතේ කියලා.ඔයා මාසේම නැහිලා හොයන ගාන ඒ මිනිස්සු සතියකට අඩු කාලයකින් හොයනවා.ඔයාගේ දැනුම සිල්ලරට මේස උඩ තියලා කෑලි කපනවා වගේ නෙමෙයි මැද පෙරදිග හරි මුදලක් ගන්න නියම වෘතිකයෙක්ට පුලුවන්.

මැද පෙරදිග ගොඩක් ලොකු තැන වල අපේ උන් වැහි වහලා.බහුතරයක් අය උදව් කරනවා.නමුත් උදව් බලාපොරොත්තුවෙන්ම විදෙස්ගත වෙන්න එපා. අනිත් ලොකුම කාරණාව ඔබේ හැකියාව සහ උගත්කමත් මේකට බලපානවා.උගත්කම කියන්නේ උපාධී ගහපු එක නෙමෙයි. හැබැයි යම් කිසි මට්ටමකට ටෙක් එකකින් හරි දෙයක් කරගෙන තියන එකයි වැදගත්.

මැදපෙරදිග කතාව ඉතාම සුන්දරයි හැබැයි එකම කාරනාව, හරි මොහොත ආපු දිනයට අපි එතනින් එලියට ආ යුතුමයි. ඒක ලෝකය හොදින් දකින්න දොරටුවක් මිසක් නවාතැන් පොලක් නෙවේ.

යුරෝපය – ඉතාලිය , ප්‍රංශය තුර්කිය ස්වීඩනය ජර්මනිය ස්විවිසර්ලන්ඩ් ආදී එකී මෙකි නොකී තැන් වල අපි දකින්නේ දුක් මහන්සි වෙලා මුදල් හම්බ කරන අපේ උන්.මීගමුව වෙන්නප්පුව හලාවත පැත්ත එහෙම නැත්නම් කෙටියෙන් කියනවා නම් පුංචි ඉතාලිය පැත්තෙ ඉන්න කෙනෙක්ගෙන් අහලා බලන්න යුරෝපයේ ජීවිතය ගැන.

මෙතන කියන්න ඕනේ බහුතරය්ක් දන්නේ අපේ ඉතාලියේ ඉන්න පිරිස කරන්නේ කිචන් හෑන්ඩ් එහෙම නැත්නම් කුස්සිවල වැඩ , ගෙවල් අස් කරන එක කියලයි.ඔව්…එක පැත්තකින් ඔයා හරි.ගෙවන වැටුම එක්ක ගත්තොත් පොලිස් පරික්ෂකවරයෙක් , ගුරුවරයෙක්ගේ වැටුප එක්ක , එහෙම නැත්නම් රජයේ හෙදියකගේ වැටුපත් එක්ක වුණත් හරි සංසඳනය කරලා බැලුවොත් “සල්ලි ඉපයීම” කියන කෑල්ලෙදි ඉතාලියේ පිඟන් හෝදන කොල්ලෙක්ගේ පඩිය අල්ලන්න හීනෙන්වත් බැහැ.

නමුත් මම කිසිම වෙලාවක ඒ වෘතීන් කිසිවක් හෑල්ලු කරන්නේ නැහැ.ගරු කරනවා.ඒවා ගරු කටයුතු රැකියාවන්. මෙතනදි මම සලකන එකම කාරනාව “වැටුප” පමණයි.වැටුප අතින් ගත්තොත් “මොන ආලවට්ටන් දාලා වහන්න හැදුවත්” ඒක වහන්න බැහැ.

ඊළග කාරණාව හොදටම ජිවිතේ විදින උන් මට හම්බ උනෙත් ඔය යුරෝපෙම තමා.හෙටට වඩා අද සතුටින් ඉන්න, හොදට කන බොන අදින පළදින මිනිස්සු හම්බ උනේ යුරෝපයේ.ඉගෙන ගත්තු පවල් පිටින් පදිංචියට ගිය කීප දෙනෙක්වත් මට හමු වුණා.ඔවුන් එක්ක කතා කරද්දියි මම දැනගත්තේ ඉස්සර වගේ නෙමෙයි මේ වෙද්දි ලංකාවෙන් ගිය බොහොමයක් වෘතිකයෝ යුරෝපය පුරාම ඉතා ඉහල තැන්වල ජීවත් වෙනවා කියන එක.කොහොම නමුත් කියන්න තියෙන්නේ දැන් ලෝකය ගොඩක් වෙනස්.ඒ නිසා කාගෙවත් ලණු කාලා බෝට්ටුවෙන් ඉතාලි පනින්න හිතාගෙන නම් වැඩ කරන්න එපා.

ඇමරිකා එක්සත් ජනපදය : යුරෝපය මැදපෙරදිග තරම් විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් නැති වුනත් යම් පමණක පිරිසක් මේ වනකොට රැදිලා ඉන්නවා.ඉතාම විශාල රටක්.
හැබැයි ඇයි අනිත් රටවල ඉන්න අය තරම කැපිලා පේන්න එයාලා ඉන්නේ නැත්තේ ?
ඒකට ලොකුම හේතුව ඒ මිනිස්සුනට ටිකක් වැඩ වැඩී.ඉතින් සමාජ මාධ්‍යය වල කැපිලා පේන්න වෙලාවක් නැහැ.හැබැයි ජීවත් වෙන විදිහ ඉතා ඉහල මට්ටමක තියනවා සහ සතුටින් ඉන්නවා.
සරලව කිව්වොත් රගන්නේ නෑ හැබැයි රිදෙන්නේ නැතුව ජීවත් වෙනවා.
ඔවුන් ඔවුන්ගේ ජිවිත චාරිකාව හොදට ගෙවනවා.ඉගෙනගෙන ඉහලට ගිය ඕනේ තරම් චරිත ඉන්නවා

එක්සත් රාජධානිය : ලන්ඩන් නගරයේ හොයා ගන්න බැරි උනේ ඔර්ජිනල් සුද්දෙක් විතරයි, ඒ තරමටම ඒ නගරය විදේශිකයන්ගෙන් පිරිලා. හැබැයි කිසිම කරදරයක් නැහැ..
තමුන්ට තමුන්ගේ පාඩුවේ තමුන්ගේ දෙයක් කරගෙන ජිවත් වෙන්න පුළුවන්.
නගරෙන් පොඩ්ඩක් ඈතට ගියාම වෙනම පරිසරයක් ඒක වටිනවා මනසට නිදහසක්, උදව් කරන්න ඉන්න පිරිස වැඩි වගේම සැලකිය යුතු ලාංකිකයන් පිරිසක් සහ සමාජයක් තිබෙනවා.

නවසීලන්තය : උඹ කැමතිනම් තමන්ගේ දෙයක් කරගෙන තමන්ගේ පාඩුවේ ඉන්න. යමන් මෙතනට. කිසිම හදිසියක් නැති පරිසරයක්. අයි.ටී වලින් ගිය අපේ උන් විශාල ප්‍රමානයක් ඉන්නවා.
පදුරකට පයින් ගැහුවොත් එක්කො වැස්සියෙක් නැත්ත ස්ටුඩන්ට් වීසා වලි බැස්ස එකෙක් තමයි විසි වෙන්නේ.අපි අහල තියෙන්නේ හිමයි වලින් පිරිච්ච රටක් ගැන උනාට ලස්සන පරිසරයක් තියනවා. ඒ රටේ මිනිස්සුත් ඒ තරම්ම ලස්සනයි වගේම මිත්‍රශීලීයි.අනිත් ලොකුම දේ ක්‍රිකට් උණ තියන එකෙක්ට ජීවත් වෙන්න හරි අපූරු රටක්.ඒක කැට තියලා ඔට්ටු අල්ලලා කියන්න පුලුවන්.

කැනඩා : රටේ ෆැසිලිටීස් එමටයි. ටිකෙන් ටික අපේ ජන සමාජය වැඩි වෙයි කියල හිතෙනවා.දැනටත් ලොකු පිරිසක් ඉන්නවා.ඒ වගේම සමාජය ඉතාම මිත්‍රශීලී.පොඩි පරහකට තියෙන්නේ පොඩ්ඩක් සීතල වැඩි එක තමයි.

ජපානය : වාහන වලට , තාක්ශනය ආස කරන එකෙක් නම් ආසියාවේ නවතින්න ආස නම් මෙන්න පුතේ යන්න තැන.වේගවත් ශ්‍රම හිඟයකට මුහුනදෙන රටක් නිසා හරි ප්ලෑන් එකකින් අඩිය ගහන පුද්ගලයා ගොඩ යනවා.භාෂාව සහ දැනුම තියෙනවා නම් ඔයාට මේ රටේ ජීවිතය ගෙනියන්න ගැටලුවක් නැහැ.කොහොම වුණත් මේකත් කියන්න ඕනේ.

ජපානය කියන්නේ දෙයියන්ගේ රට, හරියට ජීවත් වෙන්න බැරි මනුස්සයෙක්ට ගියාට වඩා වැඩි වේගයකින් ආපහු මව් රටට එන්න පුලුවන්.ඉතින් හරියට හැදෑරීමක් කරලා කැමතිනම් දවසක ගිහින් පය ගහන්න.
ගොඩක් අය හිතන් ඉන්න තවත් දෙයක් තමයි ජපානයේ මුදල් ඒකකය ඉතා කුඩා එකක් නේද කියන එක.ඒ කියන්නේ හුවමාරු අඟය ශත ගනන් ( මේ දවස් වල නම් 2.52ක් වෙලා තියනවා ) නිසා මුදල් ටිකක් හොයන්න අමාරු ඇති කියලා.ඇත්තම කියනවා නම් සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක් දවසකදි ඒ රටේ මුදලින් යෙන් දසදහසක් පමන උපයනවා.ලංකාවේ මුදලින් ගත්තොත් ඒක අද හුවමාරු අගයත් එක්ක රුපියල් තිස් දහසකට පමන ආසන්න අගයක්.

අනිත් කාරණාව ජපානය වේගවත් රටක්.ඒ නිසා කැමති වුණත් අකමැති වුණත් ඔයාට වේගවත් වෙන්න සිද්ධ වෙනවා.

ඔස්ට්‍රේලියාව : අයන්නෙන් පටන් ගන්න ඕනේ එකෙක්ට අදටත් හැම වියදමක්ම මේ රටින් හොයාගෙන ජිවිතේ ගැට ගන්න පුළුවන් තැනක්.බය නැතුව ජිවත් වෙන්න හරි සැලසුමක් එක්ක පය ගහන කොල්ලෙක් කෙල්ලෙක්ට කැන්ගරුවාගේ රටේ වරදින්න ඉඩක් නැහැ.ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ දරුවන්ටත් හොද අධ්‍යාපනයක් ලබාදීලා ඉහලට ගෙනියන්න මේ රටේ හැකියාව තියනවා කියලා බය නැතිව කියන්න පුලුවන්.

සාමාන්‍යයෙන් ක්ලීනින් කරන කොල්ලෙකුත් ලාන්සර් එකක් අරන් පදින මේ රටේ හරියට ගමන සැලසුම් කරලා නම් ඔයා එන්නේ බය වෙන්න දෙයක් නැහැ ජීවිතය දිනනවාමයි.

මේ හැම රටක්ම එකිනෙකට වෙනස්, එකිනෙකට වෙනස් ආකාරයේ මිනිස්සු ජිවත් වෙන පරිසර. සරලවමව කිව්වොත් අපි හැදුන වැඩුන පරිසරයට වඩා ඉතාමත් ඉහල ජිවිත රටාවන් තියන කොලිටි ඔෆ් ලයිෆ් උපරිමයෙන් තියන තැන් .
එතකොට මම කොහොමද හොදම තැන හොයන්නේ ?

එකට බුකිය පුරා රටවල් දෙකක නම් දාලා පොස්ට් දාලා හරි යන්නේ නැහැ ….
එකට ඔයාට ඔයා ගැන ස්ටඩි එකක් කරන්න වෙනවා.ඔයා ඉගෙනගෙන තියෙන දේවල් එක්ක ඔයාගේ සහකරු හෝ සහකාරියට පුලුවන් දේවල් එක්ක ඔයට ගැලපෙන රට තොරගන්න.දීර්ඝකාලීන ප්ලෑන් එකක් ගහන්න.ශෝර්ට් ටයිම් ප්ලෑන් වලින් ගොඩ යන්න අමාරුයි.එදා වේල ප්ලෑන් ගහලා දුවන්න එපා.

  • මිනිස්සු බලන්නේ ඉක්මනටම පී.ආර් ලැබෙන රට, එහෙම රටවල් නැහැ ලෝකේ.
  • එහෙම රටවල් තියනවනම් එතන ගැටළුවක් තියනවා, එහෙම දෙන තැන මිනිස් වාසයට කොච්චර සුදුසුද කියන ගැටලුව මතු වෙනවා. නැත්නම් ලංකාව පැත්තකින් තියලා හිතපන මුළු ඉන්දියාවේම උන් එතනට යාවි.
  • රටක් ගැන හිතද්දී වැදගත් වෙන්නේ මූලිකවම ,
  • තමන්ගේ අධ්‍යාපන මට්ටම
  • තමන්ගේ පවුල් පසුබිම
  • ළමයින් ගේ වයස
  • බිරිදගේ / තමන්ගේ භෂා හැසිරවීමේ කුසලතාවය
  • ළමුන්ට ඒ රටේ තනියම ජිවත් වීමේ හැකියාව
  • තමන් කැමති ක්ෂේතරයට ඒ රටේ ඇති ඉල්ලුම
  • තමන් ඉදිරියට ඉගෙනීමට කැමති විෂය දහරාව ඉගෙනීමේ හැකියාව
  • සෞඛ්‍ය සේවය සහ ඒ සේවාවන් වල නිවැරදිබව
  • ඒ රටේ ජිවන වියදමට සාපේක්ෂව අදායම
  • තනි පුද්ගලයෙක්ගේ ආදායමෙන් හොදට කාලා බිලා ඉන්න පුලුවන්ද කියන දේ
    ( මෙහෙත් හරියට කන්න බැරි නිසා එහෙට ගිහින් නොකා ඉන්න බැහැනේ )
  • කළු සුදු ආගම්වාදී අදහස් පිලිබදව ඒ රටවල් දරන මතය
  • දේශගුණය ගැන හිතපන් උඹට අසනීප තත්වයක් තියනවනම් විතරක් : හේතුව ඒ රටවල් හැදිලා තියෙන්නේ ඊට අවශ්‍ය යටිතල පහසුකම් එක්ක උදා : අරාබියේ හැම තැනම ඒ.සී තියනවා කැනඩාවේ හීටර් තියනවා, සරලයි

මේක උඹේ ජිවිතේ පිළිබද ප්‍රශ්නයක්, මේක උඹ ගන්න ඕනා තීරණයක්. මේක කකුල් දෙක රටවල් දෙකක දෙපැත්තෙන් තියාගෙන ගන්න බැහැ. උඹට හරි අරමුණක් තියෙන්න ඕනා…

ලංකාවෙන් පනින එක නෙවේ වැදගත් වෙන්නේ. ඒ පනින තැනින් උඹේ ජිවිතේ අරමුණට යන්න පුලුවන්ද කියන දෙයි වැදගත් වෙන්නේ.
හීන වලට පන දෙන්නනම් ඒ හීනත් එක්ක ජිවත් වෙන්නම ඕනා …
වැඩ කරන්න ඕනා !!!
සුබ අනාගතයක්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?