මට ඕන කණ්ඩායම මැච් දිනන්න – මට පුළුවන් උපරිම දේ මං කරනවා (වීඩියෝ)

තමන්ට අවශ්‍ය වන්නේ තම පෞද්ගලික ලකුණුවලට වඩා කණ්ඩායම තරග ජයග්‍රහණ කරනවා දැකීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් පවසනවා.

ඊයේ (08) රාත්‍රියේ දී මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී බංග්ලාදේශයට එරෙහිව පැවති තුන්වැනි හා අවසන් එක්දින තරගයෙන් ද ජය ගනිමින් තරගාවලි ජයක් ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙන්ඩිස් මේ බව කියා සිටියා.

තමන්ගෙ නිවැරදි නොවූ තීරණයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවැනි තරගය පරාජයට පත් වූ බවත්, එම තරගයේ දී ක්‍රීඩා කළ විලාසයට වඩා වෙනත් ආකාරයකින් අවසන් තරගය ක්‍රීඩා කරමින්, අසීරු කඩුල්ලක රැඳී සිටිමින් ලකුණු 124ක් ලබා ගැනීමට සමත් වීම ගැන සතුටු බවත් කුසල් මෙන්ඩිස් පැවසුවා.

ලකුණු 100කට වඩා තමන්ට අතිශයින් ම වැදගත් වන්නේ කණ්ඩායම තරග ජය ගැනීමත් ඒ වෙනුවෙන් තමන් සිය පාර්ශ්වයෙන් උපරිමය සිදු කරන බව ද මෙන්ඩිස් වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී කුසල් මෙන්ඩිස් නායක චරිත් අසලංකගේ නායකත්වය ද පැසසුමට ලක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?