මට්ටක්කුලියේ වෙඩි පහරින් දෙදෙනෙක්ට තුවාල

පෑලියගොඩ පොලිස් වසමේ ඥාණරතන මාවතේ අද (19) උදෑසන කාලයේ පුද්ගලයෙක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් වාර්තා වනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාඳුනන වෙඩික්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට ලක් වූ මෙම යතුරුපැදිකරු වයස අවුරුදු 45ක මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යතරුපැදිකරුට අමතරව වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඒ අසලින් ගමන්ගත් පාපැදිකරුවෙකුද තුවාල ලබා තිබෙන අතර තුවාලකරුවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන්ගේ අනන්‍යතාව මේවන තෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය විසින් විමර්ශනයන් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?