මට්ටක්කුලියේ වෙඩි පහරින් දෙදෙනෙක්ට තුවාල

පෑලියගොඩ පොලිස් වසමේ ඥාණරතන මාවතේ අද (19) උදෑසන කාලයේ පුද්ගලයෙක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් වාර්තා වනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාඳුනන වෙඩික්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට ලක් වූ මෙම යතුරුපැදිකරු වයස අවුරුදු 45ක මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යතරුපැදිකරුට අමතරව වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඒ අසලින් ගමන්ගත් පාපැදිකරුවෙකුද තුවාල ලබා තිබෙන අතර තුවාලකරුවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන්ගේ අනන්‍යතාව මේවන තෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය විසින් විමර්ශනයන් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46