මගේ ටැලන්ට් එකක් තියෙනවා මාව ගත්ත අධ්‍යක්ෂවරුන් දුක්වෙයි – වගීෂා සල්ගාදු

පසුගිය දිනවල විකාශය වී නිමා වුණු ‘International’ ටෙලිනාට්‍යයේ ‘සුලෝ’ ටීචර් චරිතය රඟ පෑ ඇය ගැන ගොඩදෙනෙක්ගේ කතාබහට ලක්වුණා. අද අප කතාකරන්නේ සුලෝ ටිචර් ගැනයි.

අපට ආරංචි වුණේ ඔබ පෙම්වතුන්ගේ දිනය හොඳට සැමරුවා කියලා ඇත්තද එක?
ආදරය කරන්න තවම මට එහෙම විශේෂ කෙනෙක් නැහැ. පවුලේ අයගේ ආදරය විඳිමින් ඉන්නවා තවම. මම කරන නිර්මාණවලට තමයි බැඳිලා ආදරය කරන්නේ.

‘සුලෝ ටීචර්’ට ආදරය කරනවා නේද හැමෝම?
‘සූලෝ ටීචර්’ ගැන ගොඩදෙනෙක් හොයන්නට පටන්ගත්තා. ගොඩදෙනෙක් මට කතා කරලා කිව්වා International ටෙලිනාට්‍යයේ තාත්වික ගුරුවරියක් ලෙසට රඟපානවා කියලා. ගොඩදෙනෙක් හිතලා තියෙන්නේ මම ගුරුවරියක් ලෙසට කටයුතු කරනවා කියලා. ඉතින් මට ගොඩාක් සතුටුයි. එහෙම ප්‍රතිචාර ලැබෙන කොට.

ඔබේ දායකත්වය කොයිවගේද? ‘International’ දෙවැනි අදියරට
එය ගැන මට ලොකුවට දැන්ම කියන්න බැහැ. හැබැයි අපි International පළමු අදියරේ කතා කළේ පාසලෙන් එළියෙ සිදුවන සිදුවීම් මාලාවක් ගැන. දෙවැනි අදියරේ ශිෂ්‍යයෙක්, ගුරුවරුන් සහ මවුපියන් අතර තාප්පයෙන් ඇතුළෙ පාසල තුළ සිදුවන කතා මාලාවක් ගැන තමයි කතා කරන්නේ.

කොණ්ඩෙ කැපුවේ ‘සූලෝ ටීචර්’ නිසාමද ?
නැහැ… සනුක වික්‍රමසිංහගේ ‘අවසන් සටන’ මියුසික් වීඩියෝ එක නිසා මට කොණ්ඩය වෙනස්ම විදිහකට කපන්න සිදුවුණා. ඉතින් පසුකාලීනව එය පොඩ්ඩක් වෙනස් කරලා කොණ්ඩය තවත් කොට කළා ‘සුලෝ ටීචර්’ වෙනුවෙන්. මම හිතන්නේ මගේ කොණ්ඩය වෙනස්වීමත් එක්ක ‘සුලෝ ටීචර්’ ගැන ගොඩදෙනෙක් හොයන්න ගත්ත නිසා ප්‍රතිචාර වැඩි වුණා.

ඔබව සම්බන්ධ කරගන්න විශේෂ කතිකාවක් වුණා නේද? ‘අවසන් සටනට’
තිසර ඉඹුලාන අයියට ලොකු අදහසක් තිබුණා මාව හොඳ වැඩකට සම්බන්ධ කරන්න. ඉතින් මම ගැන සනුක අයියාට කියලා තිබුණා මාව ගන්න කියලා.

මියුසික් වීඩියෝ සඳහා දැන් ආරාධනා එනවා නේද ?
‘අවසන් සටන’ තමයි මගේ පළමු මියුසික් වීඩියෝ එක. ආරාධනා නම් එනවා. ඒත් මම සම්බන්ධ වෙන්නේ නැහැ. හොඳ වැඩකින් එළියට ආපු නිසා මගේ ප්‍රතිරූපයට හානියක් කරගන්න මම කැමැති නැහැ. මොකද මට තව යායුතු ගමන බොහෝ දුර නිසා.

ඔබ වැඩ කරන්නේ තෝරාබේරාගෙනද ?
මම එදා ඉඳලා කොහොමත් එහෙමයි. මට එහෙම ජනප්‍රිය වීමේ ආශාවක් නැහැ. මට ඕනෑ මගේ දක්‍ෂතාවය පෙන්වන්න තමයි. මම සමඟ වැඩ කරපු අධ්‍යක්‍ෂවරුන් දන්නවා මම 100%ක්ම කරන වැඩේ හරියට කරන නිසා. ඒ නිසා නිකම් එහාට මෙහාට වැනෙන්න මම කැමැති නැහැ. එහෙම වුණොත් මාව නිර්මාණවලට ගත්ත අධ්‍යක්‍ෂවරුන් පවා දුක්වෙයි. මොකද මගේ ටැලන්ට් එකක් තිබෙන නිසා. මට මේ වෙනකම් වැඩ කරපු කිසිම නිර්මාණයක අධ්‍යක්‍ෂවරයෙක් බැනලා නැහැ.

සම්මානයක් ආභරණයක් නේද රංගන ශිලිපිණියකට?
ඒ ප්‍රශ්නයට මට කෙළින්ම පිළිතුරක් දෙන්න බැහැ. එක එක්කෙනා හිතන විදිහ අනුව තමයි. හැබැයි මට සම්මානයක වටිනාකමක් දෙන්න බැහැ. මම කරන වැඩවල වටිනාකම මට වගේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට දැනෙනවා නම් ඒ හොඳටම ඇති.

ඉන්දියානු ශිල්පීන් සමඟ ලොකු වැඩකට අතගහන්න නේද ඔබේ සූදානම?
මගේ වෙබ්සයිට් එකට සහ කෙටි ෆිල්ම් සඳහා විදේශීය රංගන ශිල්පීන් යොදවාගෙන නිර්මාණ කිරීමට මගේ ලොකු සැලසුමක් තිබෙනවා මේ දවස්වල. මගේ සහෝදර මිතුරෙක් හරහා තමයි මම ඔවුන්ව සම්බන්ධ කරගන්නේ. බොහෝ දුරට ඒ වැඩකටයුතු නිසා මම විදේශගත වෙයි ඉදිරියේදී.

වගීෂා හෙමින් පය තබමින් යන්නේ ඔබේම කියලා නිර්මාණයක් කිරීමටද?
ඔව්… ඒක තමයි මගේ ටාර්ගට් එක. සුවිශේෂී නිර්මාණයක් අධ්‍යක්‍ෂණය කිරීම තමයි මගේ ලොකුම සිහිනය. එතකොට මම බොහෝ දුරට කැමරාවෙන් පිටුපස ඉඳලා දැවැන්ත වැඩකටයුතු රාශියකට මූලිකවෙලා වැඩ කරාවි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16