Empty Ad
AFC Banner
Empty Ad

මගී බස් රථයකට ගොඩ වී තර්ජනය කර කප්පම් ඉල්ලූ හාදයන්ට වැඩ වරදියි

මහියංගනය සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට වැල්ලවාය – බුදුරුවාගල ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගය හරස් කර බස් රථය නවත්වා එහි ගමන් ගත් රියදුරුට සහ සහායකට පහරදීමට උත්සාහ දරන ආකාරය බස් රථයේ සිටි අයෙකුගේ ජංගම දුරකථන කැමරාවේ සටහන් වී තිබෙනවා.

මෙම සැකකරුවන් විසින් බස් රථ කොන්දොස්තරවරයාගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර එය නොදීම නිසා උරණ වූ සැකකරුවන් දෙදෙනා බස් රථයට ද පහරදීමට උත්සහා දරා ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා මෝටර් රථය ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අද (28) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?