රන්මාල සොරකම් කළ තිදෙනකු අත්අඩංගුවට – සැකකරුවන් අතර කාන්තාවකුත්

සංවිධානාත්මක ලෙස යතුරුපැදියෙන් ගොස් රන් මාල සොරකම් කළ තිදෙනෙකු පයාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පයාගල පොලිස් වසමේ සහ වැලිපැන්න පොලිස් වසම තුළ දිගින් දිගටම සිදුවන යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ලකන බවට ලද පැමිණිලි මත පයාගල පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයක දී මෙම කොල්ලකෑම්වලට සම්බන්ධධ පුද්ගලයින් භාවිතා කළ යතුරුපැදියක් හඳුනාගෙන එම යතුරුපැදිය සඟවා තිබූ නිවස පරීක්ෂා කිරීමේ දී සොරකම්වලට සම්බන්ධ අඹු-සැමි යුවළක් සහ තවත් පුද්ගලයකු ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.

මෙම යතුරුපැදිය භාවිතා කරමින් පසුගියදා පයාගල – මලේගොඩ ප්‍රදේශයේ දී පාසල් ගුරුවරියකගේ රන්මාලය කොල්ලකා පලා ගොස් තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්කඳවිල ප්‍රදේශයේ පදිංචි අඹු – සැමි යුවළක් හා දෙහිවල ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙක්.

මෙම යතුරුපැදියේ පිටුපස අංක තහඩුව සොරකම සිදු කරන විට ගලවාගෙන ගොස් ඉතා සූක්ෂ්ම ලෙස ලෙස කොල්ලකෑම් සිදු කරගෙන ගොස් ඇති බවටයි හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියෙන් ගොස් රන්මාල කොල්ලකන අතර කාන්තාව විසින් එම සොරකම් කරන ලද රන්මාල කළුතර හා අවට ප්‍රදේශවල උකස් රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන වෙත උකස් කර තිබෙනවා.

යතුරුපැදිය සඟවා තිබූ හල්කඳවිල නිවස පරීක්ෂා කිරීමේ දී එම නිවසේ තිබී මංකොල්ලකන ලද එක් රන් මාලයක් සොයාගෙන ඇති අතර, තවත් රන් මාලයක් සහ රන් පෙන්ඩන් කිහිපයක් ද උකස් කර තිබියදී සොයා ගැනුණා.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18