ඉතාලි තානාපති හා කතානායක අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා පසුගියදා (25) පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වුණා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි වැදගත්කම පිළිබඳ ඉතාලි තානාපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉතාලි ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දැක්වීම තානාපතිවරයා අගය කළ අතර, එය ශ්‍රී ලංකාවට ප්‍රේෂණ ලබා දෙන ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස ද සඳහන් කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉතාලි තානාපති කාර්යාලය සූදානම් බව ද තානාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉතාලි සංචාරකයින් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බව අවධාරණය කළ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, සංචාරක සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව අවධාරණය කළ බවයි සඳහන් වන්නේ.

මෙරට කටයුතුවල විනිවිදභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ඩිජිටල්කරණ මුලපිරීම් පිළිබඳව ද වික්‍රමරත්න මහතා විසින් තානාපතිවරයා දැනුවත් කළ අතර, දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපනය කිරීමට බලාපොරොත්තුවන බව ද පැවසුවා.

දෙරට අතර වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම, සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකිකයින් සඳහා ඉතාලියේ නව රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී තවදුරටත් සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00