අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අද

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැ‍නීමට නියමිත ව තිබෙනවා.

මෙම කාරක සභා අවස්ථාව ඊයේ (27) පෙරවරු 9.30ටයි ආරම්භ වූයේ.

මෙකී විවාදය මාර්තු මස 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි.

පසුගිය රජයන් විසින් පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා 14කට රුපියල් කෝටි 53කට අධික මුදලක් වැයකර ඇති බව ද හෙළි වුණා.

එහෙත් මෙම කොමිෂන් සභා 14න් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය අරගල සමයේ දී මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස්වල දේපොළ හානිවීම් පිළිබඳ සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පමණක් බව ද ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන් රැකබලා ගැනීමට පමණක් රුපියල් කෝටි 11කට වැඩි මුදලක් වැයකර ඇති බව ද හෙළි ව ඇති අතර රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ගේ කාලයේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් 6දෙනාට රුපියල් කෝටි 37කට අධික මුදලක් වැයකර ඇති බව ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40