AFC Banner
Empty Ad
Empty Ad

මංගල සමරවීරගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසින් පිස්තෝලයක් හමුවෙයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසේ තිබූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (25) මාතර කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා.

සැකකාර පුද්ගලික ආරක්ෂකයා මීට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාවට අනුයුක්තව සිට ඇති අතර 2002 වසරෙන් පසු පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන පුද්ගලික ආරක්ෂකයකු ලෙස මංගල සමරවීර මහතා සමග කටයුතු කර තිබෙනවා.

අදාළ ආරක්ෂක අංශ නිලධාරියා මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් භාවිතා කළ බවට සැලකෙන ගිනි අවියක් ඔහුගේ නිවසේ ඇති බවට පොලිසියට ලද තොරතුරු අනුව මෙම විමර්ශනය සිදු කෙරුණා.

එම ස්ථානයේ තිබී මිලිමීටර් නවය වර්ගයෙන් පිස්තෝලයක්, ඒ සඳහා යොදන ජීව උණ්ඩ 12ක් සහ මැගසිනයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?