මංගල දිනය අවමංගල්‍යයක් කර මනාලයාත් දිවි නසාගනී

තායිලන්ත පැරා මලල ක්‍රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු ඔහුගේ මංගල දිනයේ දී සිය මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුද තබාගෙන සියදිවි නසාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චතුරොං සුක්සුක් නැමැති 29 හැවිරිදි පැරා මලල ක්‍රීඩකයා පසුගිය සෙනසුරාදා ඊසානදිග තායිලන්තයේදී 44 හැවිරිදි වියේ පසු වූ කාංචනා පචුන්තුඑක් නැමැති සිය පෙම්වතිය සමඟ විවාහ වී තිබෙනවා.

මෙම මංගල උත්සවය අතර තුර මනාලයා විසින් මනාලියට, ඇයගේ 62 හැවිරිදි මවට, 38 හැවිරිදි සහෝදරියට වෙඩි තබා පසුව ඔහු ද සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීමේ දී මංගල උත්සවය සඳහා සහභාගී වී සිටි දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර, ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ද රෝහල් ගතකළ පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මංගල උත්සවය අතරතුර මනාල යුවළ අතර ඇති වූ යම් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකළ බවයි එම උත්සවයට සහභාගී වූ අමුත්තන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතු වූ චේතනාව තවමත් පැහැදිලි නොමැති බවයි පරීක්ෂණ සිදුකරන තායි ආරක්ෂක අංශ පැවසුවේ.

මෙම වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබූ තුවක්කුව සහ පතොරම් නීත්‍යානුකූලව මිලදී ගෙන ඇත්තේ පසුගිය වසරේ බවද ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම මනාල යුවළ විවාහ වීමට පෙර වසර තුනක් එකට ජීවත් වූ බවයි තායි මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී චතුරොං සුක්සුක්, පිහිනුම් ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ක්‍රීඩකයෙක්.

ඔහු ලබන මාසයේ තායිලන්තයේ පැවැත්වෙන Abilitysport Games ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි අයෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
2
+1
1
+1
9
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26