spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මංගල දිනය අවමංගල්‍යයක් කර මනාලයාත් දිවි නසාගනී

තායිලන්ත පැරා මලල ක්‍රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු ඔහුගේ මංගල දිනයේ දී සිය මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුද තබාගෙන සියදිවි නසාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චතුරොං සුක්සුක් නැමැති 29 හැවිරිදි පැරා මලල ක්‍රීඩකයා පසුගිය සෙනසුරාදා ඊසානදිග තායිලන්තයේදී 44 හැවිරිදි වියේ පසු වූ කාංචනා පචුන්තුඑක් නැමැති සිය පෙම්වතිය සමඟ විවාහ වී තිබෙනවා.

මෙම මංගල උත්සවය අතර තුර මනාලයා විසින් මනාලියට, ඇයගේ 62 හැවිරිදි මවට, 38 හැවිරිදි සහෝදරියට වෙඩි තබා පසුව ඔහු ද සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීමේ දී මංගල උත්සවය සඳහා සහභාගී වී සිටි දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර, ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ද රෝහල් ගතකළ පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මංගල උත්සවය අතරතුර මනාල යුවළ අතර ඇති වූ යම් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකළ බවයි එම උත්සවයට සහභාගී වූ අමුත්තන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතු වූ චේතනාව තවමත් පැහැදිලි නොමැති බවයි පරීක්ෂණ සිදුකරන තායි ආරක්ෂක අංශ පැවසුවේ.

මෙම වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබූ තුවක්කුව සහ පතොරම් නීත්‍යානුකූලව මිලදී ගෙන ඇත්තේ පසුගිය වසරේ බවද ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම මනාල යුවළ විවාහ වීමට පෙර වසර තුනක් එකට ජීවත් වූ බවයි තායි මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී චතුරොං සුක්සුක්, පිහිනුම් ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ක්‍රීඩකයෙක්.

ඔහු ලබන මාසයේ තායිලන්තයේ පැවැත්වෙන Abilitysport Games ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි අයෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
2
+1
1
+1
9
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?