භූ කම්පන ඛේදවාචකයෙන් හානි වූ තුර්කියට තවත් කරදරයක්

පසුගිය මාසයේ ඇති වූ භූමිකම්පාවෙන් විනාශයට පත් වූ ගිනිකොනදිග තුර්කියේ නගර දෙකකට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

විපතට පත්වූවන් අතර භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය ද වන අතර ඔවුන් භූමිකම්පාවෙන් පසු කුඩාරම් නිවාසවල ජීවත් වූ බවයි වාර්තා වන්නේ.

සැන්ලියර්ෆා හි වීදි හරහා ගංවතුර ගලා යාම හමුවේ මෝටර් රථ පෙරළී ගිය අතර එහිදී පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇතැයි සඳහන්.

අඩියමන් ප්‍රදේශයේ පවුල් දෙකක් රැඳී සිටි කන්ටේනරයක් ද ගංවතුරට හසුවී තිබෙනවා.

මියගිය පුද්ගලයින් දෙදෙනෙකු අතර කන්ටේනරයේ ජීවත් වූ කාන්තාවක් ද වන අතර තවත් කිහිප දෙනෙකු අතුරුදන් වූ බව වාර්තා වනවා.

මෙම ජල ගැලීම් තත්වය මත ආරක්ෂක අංශ විසින් නගරයේ කූඩාරම් ඉවත් කර තිබෙනවා.

තුර්කියේ භූ කම්පනයෙන් ජිවිත 48,000ක් පමණ අහිමි වූ අතර තවත් බොහෝ දෙනෙකුට නිවාස අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13