භූ කම්පනයෙන් මියගිය පිරිස 2000 ඉක්මවයි – තත්ත්වය සිතුවාට වඩා භයානකයි !

ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම භූ කම්පනය එරට ඉතිහාසයේ ඇති වූ විනාශකාරී ම භූ කම්පනය බවටයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනය සිතුවාට වඩා විනාශකාරී මෙන් ම දරුණු ව්‍යසනයක් බවට විශ්වාස කරන බවයි ඇෆ්ගනිස්ථානයට අනතුරු අඟවමින් ජාත්‍යන්තර ආධාර කණ්ඩායම සඳහන් කරන්නේ.

ඇෆ්ගනිස්ථානය යනු දැඩි ලෙස අන්තවාදී ආගම් සහ දේශපාලනයෙන් මෙන් ම ආර්ථික අර්බුදයන්ගෙන් ද හෙම්බත් වූ රාජ්‍යයක්.

මේ වනවිට ඇෆ්ගනිස්ථානයට බලපෑ රික්ටර් මාපක 6.3ක භූ කම්පනයෙන් විපතට පත් වූවන්, තුවාල ලැබූවන් මෙන් ම දේපොළ හානිවූවන් හට සහන සැපයීමට බොහෝ ජාත්‍යන්තර සංවිධාන පොරකමින් සිටින බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙය ඇෆ්ගන් ඉතිහාසයට බලපෑ තුන්වැනි විශාලත ම භූ කම්පනය බවත්, එයින් බටහිර ඇෆ්ගනිස්ථානයේ හෙරත් නගරයට විශාල වශයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

එම පළාතේ කිලෝමීටර් 40ක් දුරින් මෙම භූ කම්පන බලපෑම්වල හානි සිදු වුණා.

පසුගිය ජුනි මාසයේදී, ඇෆ්ගන් සහ පාකිස්ථානයට මායිම් ව පිහිටි නැගෙනහිර පක්ටිකා සහ කෝස්ට් පළාත්වලට ද භූ කම්පනයක් ඇති වූයේ රික්ටර් පරිමාණයේ 5.9ක ලෙසටයි.

එයින් ද සිවිල් වැසියන් 1000කට අධික සංඛ්‍යාවක් මියගියා.

මේ වනවිටත් ඇෆ්ගන් ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් විසින් සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් ඉන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ ජාතික අධ්‍යක්ෂ තමින්ද්‍රි ද සිල්වා සඳහන් කර සිටියේ භූ කම්පනයෙන් විනාශ වූ ගම්මානවල වැසියන් ඔවුන්ගේ ඥාතීන් ව සුන්බුන් යටින් මුදාගැනීමට උත්සාහයක නිරත වීම ඛේදනීය බවයි.

මේ වනවිට බරපතළ ගණයේ තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන ම රෝහලක් වෙන් කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ, ආහාරපාන සහ ආරක්ෂාව සැපයීමට ද මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
13
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?