AFC Banner
AFC Banner
Empty Ad

භූ කම්පනයෙන් මියගිය පිරිස 2000 ඉක්මවයි – තත්ත්වය සිතුවාට වඩා භයානකයි !

ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම භූ කම්පනය එරට ඉතිහාසයේ ඇති වූ විනාශකාරී ම භූ කම්පනය බවටයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනය සිතුවාට වඩා විනාශකාරී මෙන් ම දරුණු ව්‍යසනයක් බවට විශ්වාස කරන බවයි ඇෆ්ගනිස්ථානයට අනතුරු අඟවමින් ජාත්‍යන්තර ආධාර කණ්ඩායම සඳහන් කරන්නේ.

ඇෆ්ගනිස්ථානය යනු දැඩි ලෙස අන්තවාදී ආගම් සහ දේශපාලනයෙන් මෙන් ම ආර්ථික අර්බුදයන්ගෙන් ද හෙම්බත් වූ රාජ්‍යයක්.

මේ වනවිට ඇෆ්ගනිස්ථානයට බලපෑ රික්ටර් මාපක 6.3ක භූ කම්පනයෙන් විපතට පත් වූවන්, තුවාල ලැබූවන් මෙන් ම දේපොළ හානිවූවන් හට සහන සැපයීමට බොහෝ ජාත්‍යන්තර සංවිධාන පොරකමින් සිටින බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙය ඇෆ්ගන් ඉතිහාසයට බලපෑ තුන්වැනි විශාලත ම භූ කම්පනය බවත්, එයින් බටහිර ඇෆ්ගනිස්ථානයේ හෙරත් නගරයට විශාල වශයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

එම පළාතේ කිලෝමීටර් 40ක් දුරින් මෙම භූ කම්පන බලපෑම්වල හානි සිදු වුණා.

පසුගිය ජුනි මාසයේදී, ඇෆ්ගන් සහ පාකිස්ථානයට මායිම් ව පිහිටි නැගෙනහිර පක්ටිකා සහ කෝස්ට් පළාත්වලට ද භූ කම්පනයක් ඇති වූයේ රික්ටර් පරිමාණයේ 5.9ක ලෙසටයි.

එයින් ද සිවිල් වැසියන් 1000කට අධික සංඛ්‍යාවක් මියගියා.

මේ වනවිටත් ඇෆ්ගන් ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් විසින් සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් ඉන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ ජාතික අධ්‍යක්ෂ තමින්ද්‍රි ද සිල්වා සඳහන් කර සිටියේ භූ කම්පනයෙන් විනාශ වූ ගම්මානවල වැසියන් ඔවුන්ගේ ඥාතීන් ව සුන්බුන් යටින් මුදාගැනීමට උත්සාහයක නිරත වීම ඛේදනීය බවයි.

මේ වනවිට බරපතළ ගණයේ තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන ම රෝහලක් වෙන් කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ, ආහාරපාන සහ ආරක්ෂාව සැපයීමට ද මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
13
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?