භූමිකම්පා විපත් මැද බිම්ස්ටෙක් නායකයෝ තායිලන්තයේ දී රැස්වෙති

වෙළඳාම, ආරක්ෂාව, කලාපීය සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් 6 වන බිම්ස්ටෙක් (BIMSTEC) සමුළුව අප්‍රේල් 4 වන දින බැංකොක් නුවර දී පැවැත්වුණා.

බහු – ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක මුලපිරීමේ සමුළුව ‘සමෘද්ධිමත්, ඔරොත්තු දෙන සහ විවෘත BIMSTEC’ යන තේමාව යටතේ පැවැත්වීමට නියමිත බව BIMSTEC ලේකම් කාර්යාලයේ නිවේදනයක දැක්වුණා.

නායකයින්ගේ දැක්ම සහ මඟ පෙන්වීම් පිළිබිඹු කරමින් 6 වන BIMSTEC සමුළු ප්‍රකාශනය සම්මත කර ගැනීම සහ සාමාජික රටවල් අතර අනාගත සහයෝගීතාව සඳහා පුරෝගාමී මාර්ග සිතියමක් වන බැංකොක් දැක්ම 2030 ඇතුළු ශක්තිමත් න්‍යාය පත්‍රයක් එහි අන්තර්ගත වනු ඇති.

වෙළඳාම සහ ගමන් වැඩි දියුණු කිරීම සඳහා බෙංගාල බොක්ක හරහා භාණ්ඩ හා මගී ප්‍රවාහනය ඉහළ නැංවීම අරමුණු කරගත් සමුද්‍රීය ප්‍රවාහන සහයෝගීතාව පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට නියමිත ප්‍රධාන ගිවිසුම් අතර වනවා.

මීට අමතරව, නව සංවර්ධන හවුල්කාරිත්වයන්හි ආරම්භය සනිටුහන් කරමින් BIMSTEC සහ ඉන්දියානු සාගර රිම් සංගමය (IORA) මෙන්ම එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) අතර අවබෝධතා ගිවිසුම් (MoU) ද අත්සන් කරනු ඇති බව නිවේදනයේ සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52


?