භූතානයේ බලශක්ති ක්ෂේත්‍රයට අත දැමූ අදානි

Adani සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි භූතාන අගමැති Tshering Tobgay හමු වී චුකා පළාතේ MW 570ක ජල විදුලි බලාගාරයක් සඳහා එරට Druk Green Power Corporation සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

තව ද, එරට රජුගේ දැක්ම යටතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට භූතානය දරන උත්සාහය අගය කළ ඔහු භූතානයේ ජල හා අනෙකුත් ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළ කළා.

X සටහනක් තබමින් ගෞතම් අදානි පැවසුවේ, භූතානයේ ගරු අග්‍රාමාත්‍ය Dasho Tshering Tobgay සමඟ අතිශයින් ආකර්ෂණීය හමුවීමක් පැවති බවයි.

“චුකා පළාතේ මෙගාවොට් 570ක හරිත ජල විදුලි බලාගාරයක් සඳහා DGPC සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. භූතාන රජතුමාගේ දැක්ම ඉදිරියට ගෙන යාම සහ රාජධානිය පුරා පුළුල් පරාසයක යටිතල පහසුකම් මුලපිරීම් අනුගමනය කිරීම ප්‍රශංසනීයයි. භූතානයේ ජල හා අනෙකුත් යටිතල පහසුකම් සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

අදානිගේ X සටහනේ වැඩිදුරටත් සඳහන් වුණා.

ගෞතම් අදානි සිය සංචාරයේ දී භූතාන රජු Jigme Khesar Namgyel Wangchuck ද හමු වී තිබෙනවා.

“පරිවර්තනීය මුලපිරීම් සඳහා සහ කාබන් ඍණාත්මක ජාතියක් සඳහා හරිත බලශක්ති කළමනාකරණය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණකි!,” ඔහු සිය X ගිණුමේ සඳහන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?