භූතානයේ බලශක්ති ක්ෂේත්‍රයට අත දැමූ අදානි

Adani සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි භූතාන අගමැති Tshering Tobgay හමු වී චුකා පළාතේ MW 570ක ජල විදුලි බලාගාරයක් සඳහා එරට Druk Green Power Corporation සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

තව ද, එරට රජුගේ දැක්ම යටතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට භූතානය දරන උත්සාහය අගය කළ ඔහු භූතානයේ ජල හා අනෙකුත් ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළ කළා.

X සටහනක් තබමින් ගෞතම් අදානි පැවසුවේ, භූතානයේ ගරු අග්‍රාමාත්‍ය Dasho Tshering Tobgay සමඟ අතිශයින් ආකර්ෂණීය හමුවීමක් පැවති බවයි.

“චුකා පළාතේ මෙගාවොට් 570ක හරිත ජල විදුලි බලාගාරයක් සඳහා DGPC සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. භූතාන රජතුමාගේ දැක්ම ඉදිරියට ගෙන යාම සහ රාජධානිය පුරා පුළුල් පරාසයක යටිතල පහසුකම් මුලපිරීම් අනුගමනය කිරීම ප්‍රශංසනීයයි. භූතානයේ ජල හා අනෙකුත් යටිතල පහසුකම් සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

අදානිගේ X සටහනේ වැඩිදුරටත් සඳහන් වුණා.

ගෞතම් අදානි සිය සංචාරයේ දී භූතාන රජු Jigme Khesar Namgyel Wangchuck ද හමු වී තිබෙනවා.

“පරිවර්තනීය මුලපිරීම් සඳහා සහ කාබන් ඍණාත්මක ජාතියක් සඳහා හරිත බලශක්ති කළමනාකරණය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණකි!,” ඔහු සිය X ගිණුමේ සඳහන් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57